මෙය වස් කවි හා සෙත් කවි ආදිය සැකසීමේ දී භාවිත කරන අක්ෂර බෙදීමකි. යෝනි අනුව බෙදීම සිදුකරයි. එයින් අකුරු වල සතුරු, මිතුරු ආදී ලක්ෂණ පෙන්නුම් කරයි. මෙහි පළමු යෝනිය පස් වැන්නට සතුරු වේ. දෙවැන්න හය වැන්නටත්, තෙවැන්න සත් වැන්නටත්, සිව්වැන්න අට වැන්නටත් විරුද්ධ වේ. කොතැනකින් අරඹා කුමන අතකට ගණන් කළත්, ගැණීම ඇරඹූ යෝනිය පස්වැනි යෝනියට ප්රතිවිරුද්ධය. විරුද්ධ යෝනි හැර සෙසු යෝනි උදාසීන වන නමුත් සිව්වැනි යෝනිය මිත්ර සේ සලකනු ලැබේ.