අම්බපාලී

පැරණි භාරතයේ වේසාලි හෙවත් විසාලා මහනුවර ලිච්ඡවීන්ගේ  අඹ උයන ද ඒ උද්‍යානයේ දී උපන් දැරියක ද මේ නමින් හඳුන්වා ඇත. ඇයගේ මාපියන් ගැන නොදන්නා නිසා ඇය ඕපපාතිකව උපන්නේ යැයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. රූප ශෝභාවෙන් අගතැන්පත් ඇය හිමි කරගැනීමට බොහෝ රජදරුවන් අතර අරගල ඇතිවූයෙන් අවසානයේ ඔවුන්ගේ ආශාවන් සතපවනු පිණිස නගරශෝභිනියක වීමට ඇයට සිදුවිය. නමුත් ඇය අවසානයේ බුදුදහමෙහි ඇති සැනසීම දැක භික්ෂුණියක බවට පත්වූවා ය.