අමරසිංහ

පැරණි ඉන්දියාවේ කෝෂ ග්‍රන්ථ රචකයෙකි. අමරකෝෂය නම්  සංස්කෘත කෝෂ ග්‍රන්ථය මේ කතුවරයාගේ ය. නාමලිංගානුශාසන නමින් කතුවරයා මේ කෘතිය හඳුන්වා ඇත. මෙය ඉතා උසස් සම්භාව්‍ය ග්‍රන්ථයකැයි පිළිගැනේ. ගුප්ත යුගයේ දෙවන චන්ද්‍රගුප්ත රාජ සභාවේ සිටි නවරත්න කවීන් අතරින් අයෙකි.