අභිච්ඡත්‍ර

පැරණි ඉන්දියාවේ උතුරු පංචාල දේශයේ අගනගරයයි. ඡත්‍රවතී යන නාමය ද මීට යෙදේ. උත්තර ප්‍රදේශ්හි බැරෙයිලි දිස්ත්‍රික්කයේ නූතන රාම් නගර් වශයෙන් හඳුනාගෙන ඇත. දැනට සොයාගෙන ඇති කාසිවලින් මේ නගරයේ පාලක ප්‍රාදේශීය රාජවංශයට අයත් රජවරු කිහිප දෙනෙකුගේම නම් හෙළිකරගෙන ඇත. සූර්ය මිත්‍ර, අග්නි මිත්‍ර, ජයමිත්‍ර, ඉන්ද්‍රමිත්‍ර, ආදීන් ඊට උදාහරණ වේ.