අප්සරාවෝ

ආගමික සංකල්පයන් අනුව බලන කල මේ වනාහි ඉන්ද්‍රලෝකවාසී දිව්‍යාංගනාවෝ ය. ගාන්ධර්වයන්ගේ භාර්යාවෝ ය. අන්තරීක්ෂයේ වසත්. ඍග්වේදයේ මොවුන් ගැන සඳහන් වෙතත් වැඩි තොරතුරක් නැත. දිවසර හා අසර ආදී නම් වලින් සිංහල සාහිත්‍යයේ ද මොවුන් හඳුන්වා තිබේ. අප්සරාවන් පිළිබඳ දීර්ඝ විස්තරයක් සඳහා අපගේ පුස්තකාල ලිපිය කියවන්න.