අනුරුද්ධ

පුරාණ ඉන්දියාවේ මගධ අධිරාජ්‍යයේ පාලක අජාතශතෘ රජුගේ පුත් උදායින් හෙවත් උදයභද්ද රජුට පසු රජවන්නේ මොහුය. මොහු උදයභද්ද රජුගේ පුත්‍රයා යැයි ද පීතෘ ඝාතක රජෙකු යැයි ද මහාවංසය කියයි. (බලන්න.මහාවංසය සිව්වැනි පරිච්ඡේදය 1-3 ගාථා) එහෙත් උදයභද්ද රජු මිය ගියේ දේශනයකට සවන්දෙමින් සිටිය දී ශ‍්‍රමණධාරියෙකු විසින් කිණිස්සකින් ඇනීම නිසා යැයි ද මතයක් පවතී.