හින්දුස්ථානි තැනිතලාව

ඉන්දීය උප මහද්වීපයේ ප්‍රධාන භූගෝලීය සාධක විමසීමේ දී  ඉගෙනීමේ පහසුව පිණිස සිදු කරන ඛෙදීමකි. සින්ධු නදිය, ගංගා නම් ගංගාව, බ්‍රහ්මපුත්‍ර නදිය යන ප්‍රධාන නදීන්ගෙන් පෝෂණය වන ප්‍රදේශය යි. බටහිර සිට නැගෙනහිරට කිලෝමීටර 3200ක් පමණ වෙයි. මේ ප්‍රදේශයේ විශේෂත්වය නම් කිසිදු තැනෙක කඳු බාධක හමු නොවීමයි. ගංගා පිටාර ගැලීම නිසා විශාල ප්‍රදේශයක පස රොන් මඩින් පෝෂණය වීමට මේ නිසා අවස්ථාව ලැබි ඇත. ගංගා දෙපස ඇති වුණු නිම්න නිසා, අතීතයේ පටන් ම  මේ ප්‍රදේශයට වෙනත් කිසිදු ප්‍රදේශයකටත් වඩා මාර්ග පහසුකම් ඇති විය. ඉන්දීය භූමියෙන් විශාල ප්‍රදේශයක් එක්සේසත් කළ මහා අධිරාජ්‍යයන්ට ජන්ම භූමිය වූයේ ද මේ බිමයි.මේ නිසා අධිරාජ්‍යවාදයේ තොරණ නමින් ද හඳින්වේ. විශේෂයෙන් ම ගංගා නදී නිම්නය වැදගත් විය. මෞර්ය අධිරාජ්‍යය ද, ගුප්තයන් ද, කන්‍යකුබ්ජය මුල්  කර ගත් හර්ෂවර්ධන රජු ද, මූගල් වරු ද මේ තැන්නේ වටිනාකම අතිශය ප්‍රයෝජනයට ගත්හ. ඉන්දීය සංස්කෘතිය පෝෂණය කළ තෝතැන්න ද වන්නේ ද මේ බිමයි.