අතපැන් වත්කිරීම

යම් ප්‍රදානයක් කිරීමේ දී ප්‍රදානය කරන්නා විසින් ලබන්නාගේ අතට කෙණ්ඩියකින් පැන් වත්කර පිරිනැමීම. මෙය පුරාණ භාරතයේ තිබූ චාරිත්‍රයකැයි පිළිගැනේ. විනය පිටකයට අයත් මහාවග්ග පාළියේ සඳහන් වන්නේ  බිම්බිසාර රජු බුදුරදුන් වෙත වේළුවනාරාමය පිදුවේ මේ ආතාරයට බව යි. භාරුත් ස්ථූප කැටයන් ඵලක අතර තිබූ හමු වූ ජේතවන පූජාව දැක්වෙන කැටයමේ සුදත්ත හෙවත් අනාථපිණ්ඩික සිටුවරයා බෝධි වෘක්ෂයකට ජලය වත්කරන දසුනින් අර්ථ දැක්වෙන්නේ ජේතවන පූජාව යැයි පිළිගැනේ. මෙහි බෝධි වෘක්ෂයෙන් සංකේතවත්වන්නේ බුදුන් වහන්සේ යැයි විශ්වාස කරයි. මන්ද යත් ඒ වන විට බුද්ධ ප්‍රතිමාව සාමාන්‍ය මානව රූපකායෙන් නිමවා නොතිබූ නිසා ය.