අච්‍යුතරාය

විජයනගර රාජ්‍යයේ සිටි පාලකයෙකි. (ක්‍රි.ව. 1529-1542) ඔහුට පෙර සිටි කෘෂ්ණදේවරාය නම් අසහාය රජු ගේ වෛමාතෘක බෑයා ය.  බලයට පත් වූ පසු, තමාගේ එදිරිවාදියෙකු වූ මදුර ප්‍රතිරාජයාට සහය දුන් ට‍්‍රැවන්කෝරයේ රජු මර්ධනය කිරීමට ක‍්‍රියා කළේය. මොහුගේ පාලන කාලයේ දී රාජ්‍ය පාලන කටයුතු වලට සම්බන්ධවීමට සිය සොහොයුරන් දෙදෙනෙකුට ද අවස්ථාව දීම නිසා සෙස්සෝ ඊට විපක්ෂ වූහ. මේ නිසා රාජවංශයේ අභ්‍යන්තර ආරවුල් ඇතිවිය. මේ අවුල්සහගත තත්ත්වය අධිරාජ්‍යය සපුරා ම බිඳවැටෙන තුරුත් පැවතිනි.