අග්නිමිත්‍ර

සුංග රාජ වංසයේ ආරම්භක පාලකයා වූ පුෂ්‍යමිත්‍ර සුංගගේ පුත්‍රයා ය. වසුමිත්‍ර ගේ පියා ය. කාලිදාසයන් මාලවිකාග්නිමිත්‍ර කෘතිය කළේ මොහුගේ චරිතය සම්බන්ධ කරගනිමිනි. මෞර්ය පාලනය පැවති කාලයේ දී අග්නිමිත්‍ර විදිසාවේ පාලකයා ලෙස කටයුතු කර ඇත. අග්නිමිත්‍ර නමින් තවත් රජෙකු සිටිය ද (කුෂාණයන්ට පසු උතුරු ඉන්දියාවේ අභිච්ඡත්‍ර ප්‍රදේශය පාලනය කළ මිත්‍ර වංශයේ අග්නිමිත්‍ර) වඩාත් ප්‍රසිද්ධ වූයේ සුංග වංශික අග්නිමිත්‍රයි. මොහු පිළිබඳ ලියැවුණු මාලවිකාග්නිමිත්‍ර කෘතිය ද ඊට හේතු වන්නට ඇත. අග්නිමිත්‍ර යන නම කෞෂම්බි ප්‍රදේශයෙන් සොයාගෙන ඇති කාසි වල ද ඇතත් ඒ සුංග වංශික අග්නිමිත්‍ර නොවේ. ඒවා අභච්ඡත්‍ර පාලකයාගේ විය යුතු ය. රායි චෞද්රී මහතා කියන්නේ අග්නිමිත්‍රගේ මෙහෙසිය ගුප්ත පෙළපතකින් පැවත එන්නියක් නිසා අග්නිමිත්‍ර මාර්ගයෙන් ගුප්ත හා සුංග පෙළපත් ඥාතීන් වූ බවයි.