අග්නිකුල

ඉන්දියාවේ රාජ්පුත්වරුන් බෙදී ගිය වර්ග(වරිග) හතරකි. ක්‍රි. ව. 9 වන සියවසේ දී පමණ මේ බෙදීම සිදු වී ඇතැ‘යි විශ්වාස කෙරේ. ප්‍රතිහාරයෝ හෙවත් පරිහාරයෝ, චෞහනයෝහෙවත් චහමානයෝ, සෝලන්කිහූ හා පරමාරයෝ හෙවත් පවර්හු මේ වර්ග හතරට අයත් වෙති. මොවුන් රාජස්ථානයේ අබු කන්ද අසල හෝමාග්නිය දැල්වූ විශාල ආවාටයකින් උපන් මිත්‍යා පුද්ගලයෙකුගෙන්  පැවත එන්නේ යැයි ඔවුන් විසින් ම හඳුන්වා දුන් නිසා පසුකාලයේ මේ වරිග හතර අග්නිකුල නමින් හඳුන්වන ලදී.