අක්බර් 1(පළමු අක්බර් හෙවත් මහා අක්බර්)

ඉන්දියාවේ මූගල් යුගය ගවේෂණයේ දී හමුවන නමකි. හුමායන් නම් මූගල් නායකයාගේ පුත්‍රයාය. ක්‍රි. 1541 දී උපන් මොහු වයස අවුරුදු දහතුනේ දී එනම් 1556 දී, පංජාබයේ කලානවුර්හි දී සිංහාසනාරූඪ විය. 1605 (1506?) දක්වා රජය හෙබවීය. පළමුවන එලිසබෙත් රැජිණට සමකාලීන පාලකයෙකි. අධිරාජ්‍යයේ පැවැත්ම හා උන්නතිය සම්පූර්ණයෙන් ම ආගමික නිදහස මත රඳා පවතින්නේ යැයි විශ්වාස කළ මෙතුමා අන්‍යාගමිකයන් වෙත පනවා තිබූ ඇඟ බද්ද(චදකක ඒං) සහ සියලූ ආගමික පරීක්ෂා ද, විෂමතා ද ඉවත් කළේය. ඉස්ලාම් ආගම වැළඳගත් හා නොගත් යනුවෙන් භේදයක් නැතිව ම රාජ්පුත් හා හින්දුවරුන්ට රජයේ උසස් තනතුරු ලබා දුන්නේය. අන්තර් ආගමික විවාහයන්ට අනුබල දෙමින් තමාගෙන් ම එය ඇරඹීය. ඒ. එල්. බෂාම මහත්මා කියන්නේ මේ අක්බර් ශ්‍රේෂ්ඨ මුස්ලිම් පාලකයාගේ අනුප්‍රාප්තිකයන් ද මොහු අනුගමනය කළේ වී නම් ඉන්දීය ඉතිහාසය මීට වඩා වෙනස් වන්නට තිබූ බවය .